Mindset – සාර්ථකත්වයේ විශිෂ්ට පියවර
ජීවිතයේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය තීරණය වන්නේ අපගේ කුසලතාවන්ට වඩා අප සතුව පවතින මානසිකත්වය මත බව පෙන්වා දෙන ලොව අතිශය ප්රකට මනෝවිද්යාත්මක හා ස්වයං-සංවර්ධන මූලධර්මය! ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්යාලයේ මනෝවිද්යාඥ ආචාර්ය කැරොල් එස්. ඩ්වෙක් (Dr. Carol S. Dweck) විසින් රචිත, ලොව පුරා පිටපත් මිලියන ගණනින් අලෙවි වූ Mindset: The New Psychology of Success කෘතියේ සිංහල පරිවර්තනය වන සාර්ථකත්වයේ විශිෂ්ට පියවර දැන් ඔබට ලබාගත හැක.
ස්ථාවර මානසිකත්වය (Fixed Mindset) සහ වර්ධන මානසිකත්වය (Growth Mindset) අතර පවතින වෙනස හඳුනාගනිමින්, අභියෝග, වැරදීම් සහ බාධක හමුවේ පසුබට නොවී වර්ධනය වන ආකාරය මෙමගින් ප්රායෝගිකව පැහැදිලි කරයි. අධ්යාපනය, ක්රීඩාව, ව්යාපාරික ක්ෂේත්රය මෙන්ම පෞද්ගලික සබඳතා තුළ ඉහළම ජයග්රහණ ලබාගැනීමට කැමති දෙමාපියන්, ගුරුවරුන්, නායකයන් සහ තරුණ පරපුර අනිවාර්යයෙන්ම කියවිය යුතු විශිෂ්ටතම ග්රන්ථයකි.